top of page

වත්මන් ශ්‍රී ලාංකික සමාජය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දිශානතිය කොයිබටද ?

Updated: Feb 11, 2021

ආරම්භක ලිපිය:-


මිනිසා යනු උසස් මනසක් ඇත්තා යන්නයි.

ree

සැබැවින්ම මිනිසා උසස් මනසකින් හෙබි, බුද්ධිගෝචර සමාජශීලි සත්වයෙකි. ගල් යුගයේ සිට යුගයෙන් යුගය පසු කරමින් මිනිසා නම් සත්වයා පැමිණි බුද්ධිමය ගමන් මාර්ගය දෙස වඩාත් විචාරශීලීව විමසා බලන කල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව සාකච්ඡා කළ යුතු වේ. සැබවින්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු කුමක්ද යන්න විමසන්නෙකුට එය පැහැදිලි කිරීම්ට ඕනෑතරම් නිර්වචන් ඉදිරිපත් කළ හැකිය. සරලව පවසන්නේ නම් දත්ත සැකසීම්ට ලක් කර තොරතුරු බවට පත් කිරීම්ටත් එසේ සැකසූ තොරතුරු හුවමාරු කිරීම්ටත් තාක්ෂණය විවිධාකාරයෙන් භාවිතා කිරීමටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනුවෙන් අර්ථ දැක්විය හැකිය.


ඈත අතීතයේ සිටම තොරතුරු සන්නිවේදනයට විවිධ ප්‍රාථමික උපක්‍රම පාවිච්චි කළ නමුදු ඒ සඳහා වඩාත් පහසු හා පුළුල් ක්‍රමවේදයක් සොයා යෑමේ ප්‍රතිඵලයක්යක් ලෙස පරිගණකය නිර්මාණය වීමත් සමග ඇති වූ තාක්ෂණික විප්ලවය නූතන තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ තීරණාත්මක ආරම්භයයි. එදා අති විශාල ප්‍රමාණයේ පරිගණකයකින් ආරම්භ වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අද වන විට ඉතා කුඩා ප්‍රමාණයේ ස්මාර්ට් ජංගම දුරකථනයේ සිට විශාල උපාංග ප්‍රමාණයක් මෙන්ම ඒ හා සබැඳුණු අතින් සංකීර්ණ තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධව පවතින අතර අඛණ්ඩව දිනෙන් දින දියුණු වෙමින් පවතී.


වර්තමානය වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අනෙකුත් විෂයන් මෙන්ම අති විශාල ස්වාධීන ප්‍රායෝගික විෂය දැනුම් පද්ධතියකි. සමාජයේ ආර්ථික, අධ්‍යාපනික, ප්‍රවාහන, සන්නිවේදන ඇතුළු සියළු ක්ෂේත්‍රයන්හි අත්‍යවශ්‍ය භාවිතයකි, යෙදවුමකි.අද පටන් ඔබට මේ ලිපි සමුදාය ගෙන් එන මමද ඉමක් කොනක් නොමැති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික දැනුම් පද්ධතිය තුළ දැනුම සොයා යන්නෙකි.


වර්ග කිලෝ කිලෝමීටර් ප්‍රමාණයෙන් හෝ වෙනත් කුමන මිනුම් ක්‍රමවේදයක් භාවිතා කර ගණනය කර බැලුවත් ලෝකය අතිවිශාලය, පුළුල්ය.නමුත් නූතන තොරතුරු හා සන්නිවේදනය භාවිතා කරන්නෙකුට ලෝකය අතින් මිට මොළවා ගත හැකි තරමට කුඩාය. සමස්ත ලෝකය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළ ශ්‍රී ලාංකික අපේ භාවිතය යන සමාජ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, දේශපාලනික වශයෙන් විමසා බැලීම අත්‍යවශ්‍ය වන්නේ ද, එය තාර්කිකව විචාරශීලීව විමසා බලා ගැටළු හඳුනා ගැනීම වැදගත් වන්නේ ද, ගැටළු වලට පිළියම් යොදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික භාවිතය හා දැනුම සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවක් වන්නේ ද එබැවිනි.


ශ්‍රී ලාංකේය සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සුචරිත කිරීම මෙන්ම ප්‍රායෝගික භාවිතයකට ශිෂ්‍යයන් හුරු කිරීමේ කාලීන අවශ්‍යතාවය තුළ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වශයෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ අපගේ නවතම තොරතුරු හා සන්නිවේදන චාරිකාව "ASK SOLA"සමඟ එක්ව හදවතක් බුද්ධියක් සමබර කරමින් වත්මන් ශ්‍රී ලාංකේය සමාජය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භාවිතය කොයිබටද යන්න සයිබර් අවකාශය තුළ පර්යේෂණාත්මක ව විමසා බැලීමට මා දරන වෑයමේ දෙවන ලිපිය සමඟින් ලබන සතියේ හමුවෙමු.


A.M.නිරෝෂි කෞෂල්‍යා

4 則留言


piumikaushalyach
piumikaushalyach
2021年2月08日

super

按讚

Indu Madumika
Indu Madumika
2021年2月08日

superb ..keep it up..

按讚

Yasitha Srimal
Yasitha Srimal
2021年2月01日

සුපිරි වැඩක්.. දිගටම කරගෙන යන්න.. ❤❤

按讚
niroshi kaushalya
niroshi kaushalya
2021年2月05日
回覆

Thank you very much.

按讚
  • Facebook
  • Twitter
  • LinkedIn

©Powered by Department of Economics & Statistics 

bottom of page