එක් දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න.
- sajini gamage
- Feb 27, 2021
- 2 min read



ඔබ මා ගිය මඟ එක්වරක් ඇවිද යන්න. මා විඳි වේදනා, නින්දා, අපහාස කෙතෙක් දැයි එවිට ඔබට වැටහෙනු ඇත. මා රිදී ඇත. මා බිඳී ඇත. මා රැවටී ඇත. නමුත් ඒ සියල්ල දරාගෙන මේ තප්පරය දක්වාම මම හුස්ම ගමි. විටෙක මා කළ කී දේ කෙතරම් අඥාන දැයි දැන් මට වැටහෙන නමුත් කලකට පෙර රෑ නිදි නොලබා කල්පනා සයුරෙ ගිලී හුස්ම හිරවීමට මොහොතක් තබා ගත යුතු නිවැරදිම තීරණය මෙය යැයි මා සිතුවා නොවේද? කලෙක නැතිවම බැරිව තිබූ සමහර දෑ නොමැතිව අද මා ජීවත් වෙනවා නාෙවේද? මිනිසුන්වේ නින්දා අපහාස විඳීමට බැරි තැන කෙතරම් දේඅත්හැරියාද යන්න මා ඔබට කියවොත් මට මා නැති වූ වාර අනන්තයි අප්රමාණයි.
ජීවිතේ කෙතරම් හැල හැප්පීම් ආවද මා සමඟ එය විඳගැනීමට ඔබ මා අවට සිටියා නම් ඒ කිසිවක් මට ගැටළුවක් නාෙවේ. අපට දැන් කළ හැකි එක් දෙයක් පමණක් ශේෂව ඇත. මා ඔබේ කඳුල මගේ යැයි සිතන්නම්. ඔබේ වේදනාව, පීඩාව ඒ සියල්ලක්ම මං මගේම යැයි සිතන්නම්. කිසි දිනෙක මගේ කඳුල, මගේ වේදනාව, මගේ දුක, මගේ පීඩාව ඔබේ වේද, සැබවින්ම එය මෙලොව ඇති සාෙඳුරුම දිනය වනු ඇත. මගේ ලාෙවට පිවිසීමට ඇති දාෙරගුළු මා විවරකොට දැන් බොහෝ කල් ගෙවී ගොස් ඇත. ඇත්තේ ඔබේ ප්රමාදය පමණි. විටින් විට ඔබ ආ ගිය නමුත් තවවමත් ඔබට මට නාෙහැකියි අපට අප හඳුනා ගන්න. ඔබ, ඔබ තුළින් මා දකින්න. මා, මා තුළින් ඔබ දකින්නම්.
එකිනෙකා හඳුනන ආදරය පිරි හිංසාවෙන් තොර පැහැබර දිනයකට, අද ඔබට මට පිවිසීමට නාෙහැකි වූවද අනෙකාගේ කඳුල, රිදුම හදවතට දැනෙන සංවේදී මානුෂීය ගුණයෙන් පිරිපුන් යහපත් හෙට දවසක් උදෙසා දැන්වත් අපි අනාගතයට මං පෙත් තනමු. සෑම මිනිවසකු තුළ ම අහිංසකයෙකු මෙන්ම රෞද්රයෙකු ඇත. අවැසි වන්නේ රෞද්රයාට නැළවිලි ගී ගයා, සුවබර නින්දකට යොමුකොට, සංවේදී චරිතය ගල් ගසා හෝ අවදි කරවාලීමයි.
මතක තබා ගන්න ඔබේ සිනහව තුළ නිධන්ව ඇත්තේ තවකෙකුගේ කඳුළක් නම් ඔබ තුළ සිටින යක්ෂයා නිදි නැති බව වටහා ගන්න. මනුෂයත්වය පිරි ජීවීන් කොට්ඨාසයක් ලෙස නම් දරන “මිනිසා” නම් ඔබත් මමත් බලාපාෙරාෙත්තු වන්නේ නිදහස් හුසම්ක් ගැනීමම නාෙවේද?
well done
Good one ❤️❤️❤️