ජලය හා මානව කටයුතු අතර සබැඳියාව
- sajini gamage
- Feb 20, 2021
- 1 min read
"ජලය යනු ජීවයේ පදනමයි"

ලෝකයේ පවතින ස්වභාවික සම්පත් අතර ජලයට හිමිවන්නේ සුවිශේෂී මෙන්ම ප්‍රමුඛ ස්ථානයකි.
"ඇළ දොළ දිගේ පළිඟු කැට මෙන් දිදුලමින් ගලා බසින ජලය නිකම්ම දිය දහරක් නොව, ඒ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. මේ ජලය නගන ගිගුම් හඬ වෙනකක් නොව මාගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි. මේ ගංඟා අපේ සොහොයුරන් ය. ඔවුහු අපේ පිපාසය සන්සිඳුවති."
රතු ඉන්දියානු නායක සියැටල් විසින් කරන ලද ඉහත ප්‍රකාශයෙන් දීර්ඝ කලක පටන් මිනිසා සහ ජලය අතර පවතින සබැඳියාව වඩාත් හොඳින් පැහැදිලි වේ. පැරණි මානව ජනාවාස ඉදිවීම ආරම්භ වී ඇත්තේ ජලය මූලාශ්‍ර කොටගෙනය. නයිල් නිම්න ශිෂ්ඨාචාරයේ පටන් ව්‍යාප්ත වූ පැරණි මානව ශිෂ්ඨාචාරයන් එයට සාක්ෂි දරයි.
පැරණි මානව ශිෂ්ඨාචාරවල පටන් ක්‍රම ක්‍රමයෙන් දියුණුවට පත් වූ මිනිසාට ජලයෙන් ඇති ප්‍රයෝජන අපමණය. මානව දිවිපෙවෙතට අවශ්‍ය පානීය ජලය හා ගෘහස්ථ කටයුතුවලදී අවශ්‍ය ජලය සපයා ගැනීම ඒ අතර ප්‍රධාන වේ. එමෙන්ම විවිධ ආර්ථික කටයුතු උදෙසා ද ජලය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු, බලශක්ති උත්පාදනය, සංචාරක කටයුතු මෙන්ම ප්‍රවාහන කටයුතු ආර්ථික කටයුතු අතර මූලික වේ.
ජලය හා මානව කටයුතු අතර සබැඳියාව විමසන විට මානව කටයුතු හේතුවෙන් සිදුවන ජල දූෂණය පිළිබඳව නොසලකා හැරිය නොහැකිය. කෘෂිබිම්වලට යොදන කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර ජල මූලාශ්‍රවලට එකතුවීම, කර්මාන්ත ශාලාවලින් බැහැර කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු අපජලය මෙන්ම අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට මුදාහැරීම, ධීවර කටයුතුවලදී මෙන්ම නාවික ගමනාගමනයේදී සිදුවන තෙල් කාන්දුවීම්, එදිනෙදා ගෘහස්ථ කටයුතුවලදී බැහැර කරන අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට මුදාහැරීම වැනි මානව කටයුතු හේතුවෙන් වර්තමානය වන විට ජල මූලාශ්‍ර විනාශ වෙමින් පවතී.
(ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි. )
K.M.කෞශල්‍යා ප්‍රසාදිණි
Comments