සංඛ්‍යාන විද්‍යාව හඳුනා ගැනීම
- sajini gamage
- Mar 3, 2021
- 3 min read
1. සංඛ්‍යාන විද්‍යාවේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න
දත්ත රැස් කිරීම
මෙය ක්‍රමවේද දෙකකින් සමන්විත වේ
ද්විතියික දත්ත - මේ වන විටත් ක්ෂේත්‍රයන්ට අදාළව යම් ආයතන වලින් රැස් කර ඇති දත්ත සමීක්ෂකයාගේ අවශ්‍යතාවය ලබා ගන්නේ නම් එය ද්විතියික මාර්ගයකි
ප්‍රාථමික දත්ත - මේ වන විටත් රැස්ව නොපවතනි හෝ සැකසුමකට ලක්වී නොමැති අමු දත්ත ප්‍රාථමික දත්ත ලෙස හැදින්වේ.
සංවිධාන ගත කිරීම
සමීක්ෂණ ඔස්සේ රැස්කර ගනු ලැබූ දත්ත නිවරදි ආකාරයට සකසා ගත යුතුය. එමගින් ද්විත්ව ඇතුළත් වීම, මඟ ඇරීම, වැරදි තොරතුරු ඇතුළත් වීම යන ඕනෑම තත්තව්යන් පැහැදිලිව හඳුනා ගත හැක.
ඉදිරිපත් කිරීම
සංවිධාන ගත වු දත්ත තේරුම් ගැනීමට පහසුවන ආකාරයට ඉදිරිපත් කළ යුතු ය. එය ප්‍රාස්ථාර වගු හෝ රූප සටහන් මගින් ඉදිරිපත් කළ හැකිය.
විශ්ලේෂණය
ප්‍රායොජ්නවත් නිගමනයන්ට එළඹීම පිණස රැස් කරනු ලබන දත්ත ක්‍රමවත් ආකාරයට සරල කිරීමක් සිදුකළ යුතුය. විශ්ලේෂණයෙන් තරමක් සංකීර්ණ ගණිතමය ක්‍රමයක් සහ වැඩි දියුණු තාක්ෂණයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරයි.
අර්ථකථනය
තීරණයන්ට එළඹීමේ දී නිවරදි ආකාරයට අර්ථකථනයන් සිදු කර යුතුය.ඒ සදහා සමීක්ෂකයාට ක්ෂේත්‍රය පිළිබද දැනුම හා පළපුරුද්ද ඉහළ මට්ටමකින් පැවතිය යුතුය.
02. සංඛ්‍යාන විද්‍යාත්මක ප්‍රකාශන 2ක් ලියන්න
අපරාධ අනුපාතය 15% කින් ඉහළ ගොස් ඇත
ජපානයේ නිෂ්පාදිත මෝටර් රථ ඉන්දියාවේ නිෂ්පාදිත මෝටර් රථ වලට වඩාගුණාත්මක බවින් ඉහළ බව බොහෝ පාරිභෝගිකයන්ගේ අනුමානය යි
03. සංඛ්‍යාන විද්‍යාවේ කාර්යයන් කිහිපයක් ලියන්න
සංසන්දනයන් සඳහා
දත්ත පැහැදිලි ආකාරයෙන් ඉදිරිපත් කිරීම
සමීකරණ ගත කිරීම හා පරික්ෂා කිරීම
පුරොක්ථන වලට එළඹීම
ප්‍රතිපත්ති සම්පාදනය සඳහා
04. සංඛ්‍යාන විද්‍යාවේ භාවිතයන් සහ අවභාවිතයන් ලියන්න
භාවිතයන්
තිරණ ගැනීමේදී පවතනිු ලබන විකල්ප මඟින් ප්‍රශස්ථම තේරීම තුළින් වැදගත්තීරණ ලබා ගැනීමට සංඛ්‍යාන විද්‍යා මූලධර්ම හා සංකල්ප භාවිතයට ගනී
තොරතුරු සම්බන්ධව තිරණ වලට එළඹීමේ දී වගකයි යුතු ස්ථානයට තොරතුරු සපයා දීම මෙම ක්‍රමය ඔස්සේ සිදු වේ
අවභාවිතයන්
විශාල නියැදියක් වවුද සමස්ත සංගහනයම ආවරණය නොකරයි
ඇතැම් ආයතන සංඛ්‍යාන විද්‍යා තොරතුරු වැරදි ලෙස භාවිත කර මහජනතාවට සත්‍ය තත්තව්ය ඉදිරිපත් කිරීම පිණිස අනුග්‍රහය දක්ව්යි
දත්ත ඉදිරිපත් කිරීමේ දී යොදාගනු ලබන ආධාරකයන් නිවරදි වවුත් විවිධ පරිමාවන් තුළ ප්‍රස්ථාර ගත කරිීම මත වැරදි තොරතුරු ඉදිරිපත් විය හැක
නොමඟ යවන ප්‍රතිශතක අගයන් නිරන්තරයෙන් භාවිතයට ගනී
තනි දතත්යන් සමඟ කටයුතු නොකරයි
බොහෝ් ගුණාත්මක තොරතුරු සමඟ ගනුදෙනු කරිීම අවම වේ
05. ගුණාත්මක විචල්‍යයන් සහ ප්‍රමාණාත්මක විචල්‍යයන් හදුන්වන්න
ගුණාත්මක විචල්‍යයන්
ඒකකයකින් මිනුම් කරනු ලබන ගණනය කිරීමට හැකි ඕනෑම ගති ලක්ෂණයක්
උදා-
හමේ පැහැය
ස්ත්‍ර/ පුරුෂ භාවය
ප්‍රමාණාත්මක විචල්‍යයන්
ගණිතමය වශයෙන් මිනුම් කළ හැකි විචල්‍යයන් ප්‍රමාණාතම්ක විචල්‍යයන් වේ
උදා-
ගිණුමක ඇති ශේෂය
06. විවික්ත විචල්‍යයන් සහ සංතතික විචල්‍යයන් හදුන්වන්න
විවික්ත විචල්‍යය
අනුයාත අගයන් දෙකක් අතර අසීමිත අගයන් නිර්මාණය කළ නොහැකි අවස්ථාවන් උදා- නිවසක ඇති අගල් සංඛ්‍යාව
සංතතකි විචල්‍යයන්
අනුයාත අගයන් අතර විශාල සංඛ්‍යාවක් ගොඩනැගිය හැකි අවස්ථාවක් (සාමාන්‍යයෙන් පරතරයක් නොමැති අවස්ථාවක්)
උදා- පංතියක සිසුන්ගේ උස
07. විස්තරාත්මක සංඛ්‍යානය හා අනුසිහියුම් සංඛ්‍යානය හදුන්වන්න
විස්තරාත්මක සංඛ්‍යානය
විස්තරාත්මක සංඛ්‍යානයේ දී නියදියෙන් ලබා ගනු ලබන දත්ත මත පදනම්ව යම් ඉදිරිපත් කරිීමක් සඟරාවක , පොතක , පත්තරයක දැකිය හැකිය
අනුසිහියුම් සංඛ්‍යානය
නියදි දත්ත මත පදනම්ව යම් යම් පරිකෂ්ා ඔස්සේ (කල්පිත පරිකෂ්ා) සංගහනය පිළබිඳ තොරතුරු සැපයීමක් සිදු කරයි
08.මිනුම් ක්‍රම 4 උදාහරණ සහිතව ලියන්න
නාමික මිනුම්
දත්ත පෙළ ගැස්වීමක් නොමැති , සංඛ්‍යාත්මක අගයක් නොමැති , ගුණාත්මක තත්තව්යක් පමණක් පවතනි අවස්ථාවකි. නමකනි් ලේබලයකින් හෝ ප්‍රවර්ගයකනි් දත්ත සමන්විත වේ.
උදා- බයිසිකල් වර්ග
පටිපාටිගත මිනුම්
යම් පෙළ ගැස්මකට සැකසිය හැකි නමුත් දත්ත අගයන් අතර අර්ථයක ්ඉදිරිපත් කළ නොහැකි අවස්ථායි.
උදා- උපාධි මට්ටම -
ඉහළ පෙළ පංති සාමාර්ථය
පහළ පෙළ ඉහළ පංති සාමාර්ථය
පහළ පෙළ පංති සාමාර්ථය
සාමාන්‍ය පංති සාමාර්ථය
අසමත්
ප්‍රාන්තර නිමානය
දත්ත අගයන් පෙළ ගැස්විය හැකි පරතර දැක්විය හැකි අවස්ථාවකි. නමුත් ආරම්භක අගයක් නොමැති අවස්ථාවකි.
උදා- උෂ්ණත්වය 0 ව යනු ආරම්භක අගය නොවේ. සෙල්සියස්අංශක 20 උෂ්ණත්වයෙදී දැනෙන උෂ්ණත්වය මෙන් හරියටම දෙගුණයක් සෙල්සියස්අංශක 40 උෂ්ණත්වයෙදී නොදැනේ.
අනුපාත නිමානය
ප්‍රානත්ර නිමානයටම සමාන සත්‍ය 0 වේ අගයක් පවතනි (ආරම්භක අගයක්) හා අනුපාත අර්ථකථනය කළ හැකි අවස්ථාවක්
උදා-
ආදායම
උස
09. සංගහනය පිළිබඳ තොරතුරු රැස් කරනු ලබන ක්‍රම 2 ලියන්න
සංගණන ක්‍රමය මෙය සමස්ත අවයවයන් අධ්‍යනය කිරීමේ ක්‍රමවේදයයි. එහිදී සංගහනයේ ඇති සියලුම අවයවයන් අධ්‍යනයේදී ඇතුළතව් ඇත
උදා- ජන හා සංඛ්‍යානලේඛන දෙපාර්තුමේන්තුවේ සිදු කරන ජන සංගණනය
නියදුම් ක්‍රමය විශාල අවයව සංඛ්‍යාවකින් යම් ඒකකයක් නියදියක් ලෙස තෝරා ගැනීම සිදු වේ.
10. නියැදීමක අත්‍යවශ්‍ය දෑ මොනවාද?
නියෝජනාත්මක නියදියක් විය යුතුය.
සමජාතයී මට්ටමකින් විය යුතුය.
ප්‍රමාණවත් නියදීමක් විය යුතුය.
ප්‍රශස්ත කිරීමක් විය යුතුය.
සැකසුම - දීප්ති රත්නායක
Komentarze