top of page

සොක්‍රටීස් (ක්‍රි.පු. 469-399)

සොක්‍රටීස් මහත් ආගමික භක්තියක් ඇත්තෙකු වූ අතර ඔහු ආත්මයෙහී සදාකාලිකය

ree

බවහා පුනරුප්පත්තිය ගැන විශ්වස කළේය. එමනිසා මොහු දේව දාර්ශිකයකු මෙ‌න්ම පැසුනු බුද්ධියක් ඇත්තෙ‌කුද විය. මොහු විසින් ඥානය නොහොත් දැනුම ලබාගත හැක්කේ බුද්ධියේ මාර්ගයෙ‌න් බවත් සත්‍ය දැක හැක්කේ බුද්ධියෙන් පමණක් බවත් පනේවා දෙ‌න ලදී. කෙ‌ටියෙ‌න් කීවොත් දැනුම නොහොත් ඥානය ලැබන්නේ විකල්පයක් මගින් යැයි ඔහු කීවේය.

සොක්‍රටීස් විසින් සොපීස්ට් වාදීන්ගේ අදහස් බිඳ හෙ‌ළමින් ගොඩනැගූ ඥානය පිළිබඳ දර්ශනය වූයේ විකල්ප කල්පිත බවත් තර්කය නොහොත් බුද්ධිය මෙහෙයවා ලබා ගත යුතු බවත් නොයෙක් වස්තූන් බුද්ධයේ අනුසාරයෙ‌න් ගලපා විකල්ප ඇති කරගත යුතු බවත් නිශ්කර්ණය කළයුතු බවත් විකල්පයන් උද්ගාමී තර්ක මගින් ලබා ගත යුතු බවත් සෑම දැනුමක්ම විකල්පයන් මත ගොඩනැගෙ‌න නිසාත් ඥානයේ පදනම බුද්ධිය බව මොහු පවසයි.


උද්ගාමී තර්කට උදාහරණයක්:-


සියලු මිනිසුන් මැරෙ‌න සුළුය.
සොක්‍රටීස් මිනිසකෙි.
සොක්‍රටීස් මැරෙ‌න සුළුය.
  ( උපුටා ගැනීම -තර්ක ශාස්ත්‍රය කැනීෂියස් පලිහවඩන)

සොක්‍රටීස්ගේ දර්ශනයේ අනෙක් කොටස ගුණධර්ම විද්‍යාවකට ලඟා වෙ‌යි. ඔහු ඥානය ලබා ගැනීමට මඟ පෙ‌න්වුයේ හොඳ හැසිරීමට මඟ සෙ‌වීමයි. බොහෝ ඔහුගේ දර්ශනයේ ප්‍රධාන අංගය වුයේද ඥානය නොහොත් දැනුම හා හොඳ බව එකක් යැයි ඵල කිරීමයි.


ක්‍රි.පු. 399 දී සොක්‍රටීස් අධිකරණය ඉදිරියට පමුණුවන ලදි. ඔහුට විරුද්ධ චෝදනා වූයේ රාජ්‍ය විසින් පුද ලබන දේවතාවුන් සොක්‍රටීස් විසින් පුදනු ලබන්නේ නැති බවත් වෙනත් විධියේ ධර්මයන් ඵල කරන බවත් හා තරුණයන්ට තම දර්ශනය ඉගැන්වීමෙ‌න් ඔවුන්ගේ සිත දූෂණය කරන බවත්‍ ය.අවසානයේ දී අධිකරණයේදී ඔහුව මරණ දණ්ඩණයට යටත් කරන ලදී.

නුවනි ආරියරත්න

Comments


  • Facebook
  • Twitter
  • LinkedIn

©Powered by Department of Economics & Statistics 

bottom of page